Colombo Today Local News

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් රජය සමයේ නිකුත් කෙරුණු 3/2016 නමැති චක්‍රලේඛය මඟින් විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩි කිරීමට තීරණය කරන බවය.

ඒ අනුව පසුගිය ජනවාරි මස විශ්‍රාම වැටුප සමග විශ්‍රාමිකයින්ට රුපියල් 10000 ක් දක්වා වැටුප් වැඩි වීමක් හිමිවීමට නියමිතව තිබූ බව ඔවුන් පෙන්වා දෙයි.

එහෙත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නිකුත් කළ 35/2019 (3) නමැති චක්‍රලේඛය මඟින් විශ්‍රාමිකයන්ට වැඩි කරන ලද විශ්‍රාම වැටුප් වැඩිවීම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ බව චෝදනා කරන පෙත්සම්කරුවන් ඒ තුළින් 110,000කට අධික මෙරට විශ්‍රාමිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් කරයි.

ඒ අනුව විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණ ඉල්ලා සිටියේය.

Related posts

මෙරට උද්ධමනය තවත් පහළ යයි

Admin

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

Admin

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

“මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බැහැ” – දුමින්ද සිල්වා කියයි

colombotoday

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday