Colombo Today Local News

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට-රැකියාවට ගිය ලාංකිකයින් 27ක් එරටදී අත්අඩංගුවට

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ වසරේදී රුසියාවට ගිය ලාංකිකයින් පිරිසකි.

මෙම ලාංකිකයන් 27 දෙනා ගෙන් ඉන් 17 දෙනෙකු දැනටමත් තම සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව නැවත දිවයිනට යවා ඇති අතර තවත් පුද්ගලයන් දස දෙනෙකු එරට රැඳවුම් මධ්‍යස්ථාන බාරයේ පසුවන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එරට රැදවුම් බාරයේ සිටින ලාංකිකයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින්, ඔවුන් විවිධ නගරවල රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ඇතැයිද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.

මෙලෙස ව්‍යාජ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතනවලට එරෙහිව ලාංකිකයන්ගෙන් රුසියාවේ තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවත් , එවැනි හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවටෙන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටී.

රැකියා අවස්ථා ලබා ගැනීමේ සහ තවදුරටත් යුරෝපා රටවල් කරා සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් යුතුව, ශිෂ්‍ය හා සංචාරක වීසා මඟින් රුසියාව වෙත පැමිණෙන ලාංකිකයන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවෙන බව නිරීක්ෂණය වී ඇතැයිද තානාපති කාර්යාලය කියා සිටී.

සංක්‍රමණ නීති රීතිවලට අනුව, සංචාරක වීසා මඟින් රුසියාවට පැමිණෙන විදේශකයන් හට ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව තුළ දී රැකියාවල නිරත වීමට අවසර දෙනු නොලබන අතර, දඬුවමකට ද යටත් වීමට සිදු වන බව ද තානාපති කාර්යාලය පෙන්වා දේ.

එම තත්ත්වය නොසලකා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතන කිහිපයක්, රුසියාවේ වෙසෙන ලාංකිකයන් සහ තවත් සංවිධානය වූ කණ්ඩායම් මෙම නීතිවිරෝධී කටයුතුවල නිරත වන බව අනාවරණය වී ඇතැයි ද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.

රුසියාවට හෝ වෙනත් අසල්වැසි රටකට පැමිණීමට නීතිවිරෝධී මාර්ග භාවිතා කිරීමෙන් වළකින ලෙසත් , එවැනි ව්‍යාජ ආයතන පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු නීති විරෝධී ආයතනයකට ගෙවීම් කිරීමෙන් වැළකී සිටින්නැයිද තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

Related posts

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday

ගත්පියවර ආපස්සට ගන්නේ නැහැ… රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට පත් කරනවා…

colombotoday

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

අපේ රටේ පැවැත්මට නාවික ප්‍රවාහනය මත පදනම් වූ ව්‍යාපාර ඉතාම වැදගත් – අගමැති

colombotoday