රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට නම් ලිඛිත ගිවිසුමක් ඉල්ලා සිටි බවත් එය අත්සන් කිරීමට එජාපය එකග වූ බවත් විශේෂ ප්‍රකාශයක් කරමින් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපය කැමැත්ත පළ කළ බවත් ඒ අනුව කොන්දේසි ගණනාවකට එකඟ වූ බවත්ය.
ඒ අනුව ප්‍රධාන කොන්දේසි 4ක් ඇතුළුව කොන්දේසි කිහිපයක් සඳහා එක්සත් ජාතික පක්ෂය ලිඛිතව පොරොන්දු ලබාදිය යුතු බවත් කඩිනමින් ව්‍යවස්ථාව සංශෝදනය, උතුරේ ඉඩම් ප්‍රශ්නය සහ පුරාවිද්‍යාව භාරයේ තිබෙන ඉඩම් නිදහස් කිරිම ඇතුළු කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එම වීඩීයෝව පහතින්