Colombo Today Local News

ව්‍යවස්ථාදායක සභාවෙන් තනතුරු ගන්න නම් රෑට රෑට ගොස් කථානායක හමුවෙන්න ඕනෑ

ව්‍යවස්ථාදායක සභාවෙන් උසස් වීම් ලැබීමට නම් රෑට රෑට ගොස් කථානායක හමුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පැවැසීය.

කොළඹ පරිවර්තන කේන්ද්‍රයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව කීවේය.

කථානායකවරයා ව්‍යවස්ථාදායක සභාව තුළ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බවද මන්ත්‍රිවරයා කීවේය.

ස්වාධීන කොමිෂන් සභා ගැන විශාල ලෙස පසුගිය දවස්වල කතාබහට ලක්වුණා. ව්‍යවස්ථාදායක සභාව විනිසුරුවරුන් පත් කිරීමේදී ඔවුන්ගේ ජේ‍යෂ්ඨත්වය නොතකා ඔවුන්ව දඩයම් කරනවා. විනිසුරුවරුන් සාමාන්‍ය අධිකරණයෙන් මහාධිකරණයට උසස් කිරීමේදී ජේ‍යෂ්ඨත්වය බලපාන්නේ නැත්නම් මොකක්ද බලන්නේ? කතා කරපු නඩු ගැන බලන්නද?

විජයදාස රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයා කියලා මේ ගැන පැහැදිලි කරලා තියෙනවා. පූජිත් ජයසුන්දර පොලිස්පති ලෙස පත් කරනකොට වෙච්ච දේ ගැන කියලා තිබුණා. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම දැන් කිහිප වරක්ම ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්‍ෂේප කළා. හේතුව තමයි සුදු කොඩි නඩුව කතා කරපු නිසා. ඒ වගේම කුසලා වීරවර්ධන විනිසුරුවරිය අභියාචනාධිකරණයට පත් කළේ නැහැ. මොකද ලලිත් වීරතුංගට සිල් රෙදි නඩුවේදී ඇප දීපු නිසා. උසස්වීම් ඕනේ නම් රෑට ගිහින් කථානායකවරයා හමු වෙන්න ඕනේ. මේකට වගකිව යුත්තේ වෙන කවුරුත් නොවේ. කථානායක කරු ජයසූරිය. ඔහු තමන්ගේ දේශපාලන න්‍යාය තමයි මෙහි ක්‍රියාත්මක කරන්නේ. ජනාධිපතිතුමාගේ නිර්දේශත් ඉවත දානවා. එය විශාල අර්බුදයක් ලෙස දැන් තියෙනවා.

Related posts

සිරසෙන් දිලිත් ජයවීරට දරුණු ප්‍රහාරයක් – කොටස් වෙළදපොළේ වංචා ගැනත් හෙළි කරයි

colombotoday

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

colombotoday

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday