Colombo Today Local News

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අගමැතිට

වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දී තිබේ.

වරාය නගර ව්‍යාපෘතිය තුළ මෙතෙක් සිදුකර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යයනය කොට තවදුරටත් එම ව්‍යාපෘතිය සාධනීයව ඉදිරියට ගෙන යාම සඳහා මෙම වාර්තාව තුළින් නිර්දේශ ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සභාපති එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කර සිටියේ, වරාය නගරය පිළිබඳ ඇති පනතේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීම සඳහා අවශ්‍ය කෙටුම්පත් සම්බන්ධයෙන් ද මෙම වාර්තාවේ නිර්දේශ ලබා දී තිබෙන බවය.

මෙම වාර්තාවේ පිටපතක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට බාරදුන් අතර වරාය නගරය පිළිබඳ අධ්‍යයන කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ, ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩී. එස් ජයවීර සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර ඇතුළු පිරිසක් සහභාගි විය.

Related posts

අපරාධ කල්ලි සාමාජික ලඩියාගේ සහයකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සජිත් හා ආර්යාව උදේම ඡන්දය දමයි….

colombotoday

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday

ආපදා හේතුවෙන් වසා තැබෙන බස්නාහිර, සබරගමුව පාසල් මෙන්න

colombotoday

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday

Exclusive : බෝගස්වැවත් බදුර්දීන් යටතට – මුස්ලිම් ආක්‍රමණය නාමල්ගමින් ඇරබේ

colombotoday