Colombo Today Local NewsCovid 19

වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මේවනවිට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් පදංචිව සිටින සහ ඔවුන් ගැවසී ඇතැයි සැක කෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට ප්‍රවේශමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය 23 සහ 25 දෙදින තුළ හඳුනාගෙන සිටින වෛරසය ආසාදනය වූවන් 10 දෙනෙකුම නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සාමාජිකයින් සහ ඔවුන්ට සම්බන්ධ පවුල්වල සාමාජිකයින් බවද වෛද්‍ය ෆරීඩ් මහතා සඳහන් කළේය.

අනෙක් පිරිස වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිවාඩු ලබා පැමිණි අයවලුන් වන අතර ඔවුන් වාරියපොළ බණ්ඩාර කොස්වත්ත , වාරියපොළ කනත්තේවැව , අලව්ව මහාරච්චිමුල්ල , පොල්ගහවෙල උඩවෙල සහ පොල්ගහවෙල ගිජිඳාගම පදිංචිකරුවන් වෙති.

මොවුන්ට අමතරව මහව නාගොල්ලාගම පදිංචි තවත් නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවනවිට අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

මෙම ආරක්ෂක අංශ සාමාජිකයින් තමන් පදිංචි ප්‍රදේශයන්හි ඇති වෙළඳසැල් , බැංකු ශාඛා , බැංකු ඒටීඑම් පද්ධති , සමූපකාර , සතොස , ඉන්ධන පිරවුම්හල් , සැලුන් , රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ස්ථාන වලට තම අවශ්‍යතා සඳහා ගොස් තිබෙන බව අනාවරණය වී ඇති බැවින් මෙම ප්‍රදේශ වල පිහිටි ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීමෙන් වළකින ලෙසට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියි .

Related posts

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

ශ්‍රී පාද රජයේ ඉඩමක කඩ කුළිය ලක්ෂ 10යි… කඩ හිමියන් වන්දනාකරුවන්ව ගසා කයි !

colombotoday

මුස්ලිම් ජනතාවට වැඩිම සේවයක් කලේ මගේ ආණ්ඩුව- අගමැති මහින්ද

colombotoday

වසරේ හොදම ප්‍රබන්ධයට හිමි සම්මානය පොලීසියට දෙන්න ගම්මන්පිල යෝජනා කරයි

colombotoday

රෝහලට ඇතුළත් කද්දීම දෙදෙනෙක් මියයයි – මෘත ශරීර PCR පරීක්ෂණයට.

colombotoday

එන්නත් මාත්‍රා දෙකම ගෙන සිටි සිව්දරු පියෙක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියයයි

colombotoday