Colombo Today Local News

වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බව සජිත් කියයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රැකියා අහිමි වූ තරුණ පරපුර සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු සොයා බැලීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ පක්ෂයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට සංවිධානය කර ඇති ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ (20)දින රත්මලාන ප්‍රදේශයේදී පැවැත් වු අතර එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පැවසීය.

වත්මන් ආණ්ඩුව තාරුණ්‍යයට ලබා දුන් පොරොන්දු මේ වන විට කඩවුණු පොරොන්දු බවට පත් වී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එම නිසා දේශපාලඥයින් පසුපසු ගොස් ඔවුන්ව වන්දනාමාන කරන තත්ත්වයක් මේ වන විට උදා වී ඇති බව ද ඔහු පැවසීය.

වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බවත් තම පක්ෂය තුළ, ඕනෑම කෙනෙකුට පහළම තැන සිට ඉහළම තැන දක්වා ගමන් කිරීමට අවස්ථාව නිර්මාණය කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර සමගි ජන බලවේගයේ සඟ සමුළුව කෝට්ටේ සෝලිස් හෝටල පරිශ්‍රයේදි ඊයේ පැවැත්වුණි.

Related posts

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 180 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday

වැලිපැන්නේ මුස්ලිම් පල්ලිය අසල හිස් ඉඩමක බෝම්බ තුනක්…

colombotoday

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday