Colombo Today Local Newsfeatured

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

“පාස්කු දා ප්‍රහාරය මටත් පෞද්ගලිකව වැදුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් තවමත් මම පීඩා විඳිනවා. මේ දේවල් හොඳටම දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන් විතරක් නොව මේ රටේ නායකත්වය පවා මේ විනාශයට වගකිව යුතු බව මා නැවත වරක් ප්‍රකාශ කරනවා.” යැයි මැල්කම් රංජිත් අගරදගුරු තුමා පැවසුහ.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවෙන් පසු කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී අගරදගුරු තුමා මෙසේ කීහ.

එහිදී අගරදගුරු තුමා මෙසේ ද පැවසුහ.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අයගේ ජිවිත වලට සිදුවූ මේ විනාශය දේව කැමැත්ත අනුව සිදුවූ දෙයක් නොවන බව පැහැදිලියි. එය මනුෂ්‍යාගේ පව්කාරකම තුළ සිදුවූ දෙයක්. මනුෂ්‍යාගේ පව්කාරකමේ ගොදුරක් බවට අපේ සහෝදර සහෝදරියෝ පත්වුණා.”

ඒ වරද කළ අයට අත හෝදගන්න බැහැ. මේ වරද කළ අයට දඬුවම් කරන්න ඕනෑ. එය කළ යුත්තේ ඔවුන්ව බලතල වලින් පහ කිරිමෙනුයි. මේ වාගේ වගකීම් දැරීමට නොහැකි අය අපේ රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. සමහරු තවම නිදැල්ලේ හැසිරෙනවා. සමහරු සාන්තුවරු වගේ ඉන්නවා. ඔවුන් හිතනවා බේරිලා ඉන්න පුළුවන් කියලා. මනුෂ්‍යාගේ විනිශ්චයාසනයෙන් දඬුවම් නොලැබුණත් දෙවියන්ගේ විනිශ්චයාසනයෙන් දඬුවම් ලැබෙනවා. මේ අපරාධය නොකළා මෙන් නිහඬව සිටින අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරිමට මැලිවන අයට දෙවියන් වහන්සේගේ දඬුවම ලැබෙනවා.

“ආත්මාර්ථකාමී අදහස් හා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කිරිමට කටයුතු කළ සියලු දෙනාටම දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙනවා. දැන් මගේ පස්සෙනුත් එලවනවා කියලා ආරංචියි. මම බය නෑ. මගේ ජිවිතය ඔබට සහ දෙවියන්ට අයිතියි. ඕනෑම වේලාවක ජිවිතය පුජා කරන්න මම සුදානම්.”

එම දිව්‍ය පුජාව සඳහා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීහු සහ තුවාල ලැබුවෝ සහභාගී වුහ.

Related posts

බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානයට කැබිනට් අනුමැතිය

colombotoday

සියල්ල හෙළි වේ… කිඹුලා ඇලට වැටුණු සුපිරි රථය ඇමති කබීර්ගේ ”බැදුම්කර” ගනුදෙනුවට සම්බන්ද ඥාතියෙකුගේයි

colombotoday

බ්‍රිතාන්‍ය අගමැතිට රනිල් ලංකාවේ අර්බුදය ගැන කියයි. – දේශගුණික විපර්යාසවලට මුහුණදීමට සහය දක්වන බවට පිළිතුරු.

colombotoday

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

colombotoday

“අපිට වෙඩි තිබ්බොත් අපිත් වෙඩි තියනවා.” – පොලිස් ඇමති පාතාලයට අනතුරු ඇඟවයි

Admin

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

colombotoday