Colombo Today Local News

ලෝක ළමා දිනය අදයි

ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ.

“අප රට අපේ දෑතින්” යන තේමාව යටතේ මෙවර ළමා දින ජාතික උත්සවය හෙට (02) දිනයේ පැවැත්විමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ළමා දින ජාතික උත්සවය පැවැත්විමට නියමිතය.

ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බවය.

මේ අතර ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී තිබේ.

Related posts

22ට කැබිනට් අනුමැතිය

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

සුනඛයන්ගෙන් නීතියට වෙට්ටු දැමූ කොරස මල්කෝනේ කත අල්ලයි

colombotoday

පිරවුම්හල් වලට ඉන්ධන බෙදාහැරීම් යළි ඇරඹෙයි

colombotoday

බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට එරෙහි වූ නස්ලීම්ට වෙඩි ප්‍රහාරයක්…

colombotoday

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරි නිතිය

colombotoday