Colombo Today Local News

ලොව මවු කිරි දෙන රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට !

පසුගිය වසරේ දරුවන්ට මව්කිරි ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් සාධනීය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක වන ලොව අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඉන්දියාවේ දිල්ලි අගනුවර ක්‍රියාත්මක ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා වැඩසටහන මගින් මේ බව නිවේදනය කරන අතර එම වැඩසටහන සමග මේ වන විට රටවල් 120 ක් එකතු වී සිටී. ඒ අතුරින් රටවල් 97 ක් නියමිත ඇගයීම් සම්පූර්ණ කර වාර්තා කර ඇති අතර එම ඇගයිම් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය හිමවී තිබේ.

එම ඇගයීම් අනුව මව්කිරි දෙන කාන්තාවන්ට සහාය දැක්වීමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් 10 ක් මත ශ්‍රී ලංකාව ලකුණු 91/100 ක් ලබා ගෙන ඇත. එක් එක් රටවල ක්‍රියාත්මක ප්‍රතිපත්ති සහ වැඩසටහන් දර්ශක සඳහා අගයන් එක් කිරීම වර්ණ කේත මත ක්‍රියාත්මක වන අතර කාර්ය සාධනයේ නැගී එන අනුපිළිවෙළකට වර්ණ කේත රතු, කහ, නිල් සහ කොළ ලෙස නම් කර තිබේ.

ලකුණු 91/100 ක් ලබා ගත් ශ්‍රී ලංකාව හරිත වර්ණ කේතයක් උපයා ඇති අතර එයින් ඇඟවෙන්නේ හොඳම මට්ටමේ කාර්ය සාධනයක් බවයි. මව්වරුන්ගේ සහ ළදරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය සඳහා ශ්‍රී ලංකාව ඉහළ කැපකිරීමක් සිදුකරන බැවින් මෙම ජයග්‍රහණය පුදුමයක් නොවන බවද ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා වැඩසටහනේ ගෝලීය සම්බන්ධීකාරක වෛද්‍ය අරුන් ගුප්තා පවසයි.

Related posts

නව මුදල් පනත අද සිට බලාත්මකයි

colombotoday

ඉතිහාසයේ මුල් වරටයි.. UN නියෝජිතයෙක් හමුදා ආරක්ෂක ස්ථාන 15ක් පිරික්සයි.. චෝදනාපත්‍රයකුත් ජිනීවා යවයි

colombotoday

“වැඩ බෑ කියා ආණ්ඩුව ඔප්පු කළා.. ජනතාවට ලැබුණු දෙයක් නෑ.. එන්න අලුත් සමාජයක් හදමු” – ජවිපෙ

colombotoday

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

Admin

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

පිඟන් සංස්ථාවට උළු කැට වලින් විසිඑක් ලක්ෂයක පාඩුවක්

Admin