Covid 19World

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

මේ වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන එක්කෝටි හැත්තෑ හත්ලක්ෂය ඉක්මවා තිබේ.

වසංගතයෙන් සිදු වූ සමස්ත මරණ ගණන හයලක්ෂ අසූදෙදහසකට අධිකය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මාසයේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරන විට චීනයෙන් පිටත කොවිඩ් – 19 ආසාදිතයන් වාර්තා වී තිබුණේ 100කටත් අඩු සංඛ්‍යාවකි.

දැඩි සංචරණ සීමා මගින් වසංගතය පාලනය වනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත්, රටවල් එම සීමාවන් ලිහිල් කිරීමත් සමග නැවත වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ විය.

ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 17 ,700, 000 ඉක්මවා තිබේ.

Related posts

පණ ඇති සර්පයින් හැට්ටේ අස්සේ සඟවාගෙන වරායට ආ කතක් මාට්ටු

Admin

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්

colombotoday

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

colombotoday

ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් මරණය වාර්තා වෙයි

colombotoday

උතුරු කොරියාව සෙල වෙයි.. කිම් ජොං උන් අද උදේ කරපු වැඩෙන් ඇමරිකාව රත් වෙයි !

colombotoday

චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රියක්

Admin