Colombo Today Local News

ලොරියක ගැටී 11 හැවිරිදි දැරියක් මරුට

රාගල පොලිස් වසමේ වලපනේ ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 70 කණුව අසල දී සිදුවු රිය අනතුරකින් 11 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (16)දින සවස 3.30ට පමණ එම අනතුර සිදුව ඇත.

මාර්ගය හරහා ගමන් කළ දැරියක් රාගල දෙස සිට වලපනේ දෙසට ධාවනය වු ලොරි රථයක ගැටී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අනතුරින් බලරපතළ තුවාල ලැබු දැරිය නුවරඑළිය රෝහල ට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂවයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ සූරියකන්ද, රාගල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

රාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑ

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin

සංඝරාජ මාවතේ ආපනශාලාවක් ගිනිගනී.. පුද්ගලයෙක් මරුට

colombotoday

සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.

colombotoday

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday