Colombo Today Local News

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

saudi balloසෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිටියෙදී නිවසේ හාමිපුතා ඇතුළු එම නිවසේ පදිංචි තවත් දෙදෙනෙකු විසින් අවස්ථා කිහිපයකදි දූෂණයට ලක්වු බව පවසමින් බගවන්තලාව රෝබිගිල් වතුයායේ තිදරු මවක් නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයකින් ඉකුත් වසරේ ගෘහ සේවයට ගොස් ඇති 33 හැවිරිදි මෙම තිදරු මව මෙම ලිංගික අතවර හේතුවෙන් තමන් විදින පීඩා හමුවේ ඉකුත් නොවැම්බර් මාසයේ දිවයිනට පැමිණ මේ පිළිබඳව එම ඒජන්සියට ගොස් පැමිණිළි කර තිබෙනවා.

එසේ කිරීමෙන් පසු ඇය තමන් පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ පැමිල්ලක් කරන ලෙස ලද උපදෙස් මත කාන්තාව විසින් බගවන්තලාව පොලිසිය වෙත එම පැමිණිල්ල සිදුකර තිබේ.

පසුව එම කාන්තාව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා. එම වෛද්‍ය වාර්තාවත් සමග පැමිණිල්ලේ වැඩි දුර විභාගය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිසිය වෙත යොමුකරන බවයි බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසා ඇත්තේ.

මරදානේම පිහිටි විදේශ රැකියා ආයතනයකින් විදේශගතවූ තවත් කාන්තාවක් පසුගියදා සෞදි අධිකරණය විසින් ගල්ගසා මැරීමටද තීන්දු කර තිබුණා. එම දඬුවම ලිහිල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවයි පසුගියදා වාර්තා වුණේ.

Related posts

සජිත්ගෙන් දෙරණට පොල්ලක්

Admin

මෛත්‍රී, චන්ද්‍රිකා සමග එජාපය 70 සමරයි

colombotoday

නීතිපති පරණ නඩුවක් නැවත කැදවයි.. ඥාණසාර හිමි ඇතුළු 13කට නොතීසි

colombotoday

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

නුවරඑළියට ආ ගෑස් ලොරිය වටලා ගම්මු ගෑස් අරන්

colombotoday