Colombo Today Local News

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

ඇඹිලිපිටිය, මාතර සහ සපුගස්කන්ද බලාගාර 3 න් විදුලිය ගැනීම ඉවත් කිරීමට සැලසුම් කර ඇති නිසා ලබන වසර මැද වනවිට මෙගාවොට් 270 ක හිඟයක් ඇතිවන බව ඇමැති මණ්ඩලය ඉදිරිපත් කළ පත්‍රිකාවක සඳහන් වේ.

විදුලි බලාගාර 3ක් භාවිතයෙන් ඉවත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව මෙගාවොට් 100 ඇඹිලිපිටිය ace power විදුලි බලාගාරය ලබන අප්‍රේල් මාසයේදී භාවිතයෙන් ඉවත් කෙරේ.

මෙගාවොට් 20 මාතර ace power විදුලි බලාගාරයද ලබන අප්‍රේල් මාසයේ සිට භාවිතයෙන් ඉවත් කෙරේ.

මෙගාවොට් 50 සපුගස්කන්ද asia power විදුලි බලාගාරයද ලබන අප්‍රේල් මාසයේ සිට ඉවත් කෙරේ.

LNG සහ ගල්අඟුරු බලාගාර තුළින් විදුලි බල උත්පාදනය කිරීමට අවම වශයෙන් අවුරුදු 3ක කාලයක්වත් ගතවන නිසා, එතෙක් අඩුපාඩුව පිරවීම සඳහා තාවකාලික පිළියම් හඳුන්වා දීමට සිදුවනු ඇතැයිද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක සඳහන් වේ.

Related posts

දේපල හබයක් දුරදිග යයි. | පියා මරුට. දියණියගේ පැමිණිල්ලට පුතා අත්අඩංගුවට

colombotoday

පළමු වසරේ ළමුන්ට ලිංගික දැනුම දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය දෙයි

colombotoday

වසර පහක් තුළ රේගු සහ රේගු නොවන බදු ඉවතට

Admin

MCC කමිටු වාර්තාව පිළිබදව අදහස් ලබාදෙන්න අමාත්‍ය මණ්ඩලයට සතියක කාලයක්

colombotoday

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

colombotoday

බයියො සහ ටොයියො ලෙස බෙදිලා, රටට අනාගතයක් නෑ… දෙගොල්ලම වහල්ලු – මාවරලේ භද්දිය හිමි

colombotoday