Colombo Today Local News

ලංගමට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගුකරයි

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 5000කට අධික සංඛ්‍යාවක් අද දිනයේ සිට ධාවනයට එක් කර ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පන්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කරයි

එමෙන්ම යළි දැනුම් දෙන තෙක් අද සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අද දිනයේ කොළඹට පැමිණීම සඳහා දුම්රිය 27ක් යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර කොළඹ මහනගර සභාවෙන් සේවාවන් ලබාගැනීමට ද අද සිට ජනතාවට හැකියාව පවතින බව නගරාධිපති රෝසී සේනානායක මහත්මිය සඳහන් කළේය.

Related posts

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

ලෝක ජල දිනය අදයි

colombotoday

ඉන්ධන බෙදීම අධීක්ෂණයට පිරවුම් හල්වලට හමුදාව

colombotoday

ජනපති යළි එයි… හදිසි නීතිය අවසන්… ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

colombotoday

“ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආයෝජන ගලාගෙන එනවා. රටට කිරි උතුරනවා” ඉරාන්

colombotoday