ශ්රී ලංකාව මිතුරු රටක් ලෙස සැලකීම ඉන්දියාව වහා නතර කළ යුතු බව තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්ෂය පවසනවා.ශ්රී ලංකාවේ යුද්ධයක් ඇතිවූ බව කවුරුත් දන්නා බැවින්, ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දියාව මැදිහත් විය යුතු බවයි එම පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි පවසන්නේ. යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පමණක් නොව, සමූල ඝාතනයක් සිදුකර ඇති බව කරුණානිධි චෝදනා කළා. චෙන්නායිහි පැවැති උත්සවයකට එක්වෙමින් කරුණානිධි පැවසුවේ ශ්රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැක්ස්වෙල් පරණගම වාර්තාවේ යුද්ධය සම්බන්ධ තොරතුරු සඳහන්ව ඇති බවයි.
next post