Colombo Today Local News

ලංකාව ඇතුළු රටවල් 14ක් කටාර් රාජ්‍යට ඇතුලු වීම අත්හිටුවයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලුවීම තාවකාලිව අත්හිටුවා තිබේ.

කටාර් රාජ්‍යයේ සන්නිවේදන කාර්යාලය ඊයේ(08) දිනයේ සඳහන් කළේ අද(09) දින සිට මෙම තහනම ක්‍රියාත්මක බවයි.

කොරොනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ පියවරක් ලෙස කටාර් රාජ්‍ය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ.

මේ අතර අත්‍යවශ්‍ය ගමනක් හැර සියලු ගමන් බිමන් වලින් වළකින ලෙස ද කටාර් රාජ්‍ය එරට ජනතාවට දැනුම් දි තිබේ.

Related posts

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday

යුක්‍රේනයේ සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමේ සූදානමක්..

colombotoday

යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday