Colombo Today Local News

ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන චීනයෙන් ප්‍රකාශයක්….

ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරම වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ක්‍රමවේදයක් සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන චීනය සඳහන් කර ඇත.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා හා චුනින්ග් ඒ බව ප්‍රකාශ කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශික හා චුනින්ග් මෙසේ ද සඳහන් කර ඇත.

“ සාම්ප්‍රදායික මිත්‍රයෙක් වන ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව චීනය සමීපව බලා සිටිනවා. ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ අදාළ සියලු වත්මන් තත්ත්වය විසඳා ගැනීමට අවශ්‍ය පියවර සහ ක්‍රමවේද සොයාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි ඒ පිළිබඳව විශ්වාසය තබමු”.

චීනය මීට පෙර ද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්, දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් බවත් එරට පාර්ශව එය විසඳා ගනු ඇති බවත් සඳහන් කර තිබිණි.

Related posts

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday

එළිමහන් සංගීත ප්‍රසංගවල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිගෙන් උපදෙස්

colombotoday

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin