32 C
Colombo
15 April 2025
Colombo Today Local News

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

රාජගිරිය රෝයල් පාක් මනුෂ්‍ය ඝාතන සිද්ධියේ ජීවිතාන්තය දක්වා සිරදඞුවම් ලබා සිටි ජූඩ් ශ්‍රමන්ත ඇන්තනී හට ජනාධිපති සමාව හිමිව ඇත.

මීට අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමා වෙත යොමුකර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔහු රදවා සිටින කුරුවිට බන්ධනාගාර නිලධාරින් වෙත දැනුම් දී ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

2005 වසරේ ජුනි මස 30 වැනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව මෙම විත්තිකරු එම වසරේදීම අත්අඩංගුවට ගත්තේය.

කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු 2012 වසරේ දී ජුඩ් ශ්‍රමන්ත ඇන්තනීට වසර 12ක සිරදඬුවමක් නියම කෙරුණි.

කෙසේවෙතත් පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනාධිකරණයෙන් පසුව එම වසරේදීම ඔහුට මරණ දඬුවම හිමි වු අතර ඊට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදි නැවත වරක් විත්තිකරුට මරණ දඬුවම ස්ථිර කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද 2014 තීනිදුවක් ලබාදෙනු ලැබුවේය.

මේ අතර පසුගියදා පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ රෝයල් පාක් මිනීමැරුම ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ජුඩ් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ හට ජනාධිපති සමාව ලබාදීම පිළිබද සලකා බලන බවයි.

කෙසේවෙතත් එම ප්‍රකාශයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුළ ප්‍රබල දැඩි කතහබක් ද ඇති වුණි.

– adaderana

Related posts

වාසියට පමණක් කට ඇරෙන හෙළ උරුමේ පූස් පැටියෙක් ගැන මධු මාධව කියයි

colombotoday

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

colombotoday

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

Admin

රූපවාහිනීය පාර්ලිමේන්තු සජීවී විකාශය අත්හිටුවයි

colombotoday

සමූපකාරවල මුදල් තැන්පත් කළ ජනතාවට දේපලක් විකුණා හෝ මුදල් ආපසු ලබා දෙනබවට පොරොන්දුවක්

colombotoday

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday