Colombo Today Local News

රිෂාද් බදුයුදීන් ද අත්අඩංගුවට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න – ඥානසාර හිමියෝ කියති

රාජිත සේනාරත්න පමණක් නොව රිෂාද් බදුයුදීන් ද අත්අඩංගුවට ගෙන වහා නීතිය හමුවට පැමිණිවිය යුතුයැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (14) සඳහන් කළහ.

ඔහු නියමින් හෝ අනියමින් මේ රටේ සමාජ බෙදුම්වාදය ගොඩනැගීමට, උන්මත්තක ඉස්ලාමීය අන්තවාදය ඔඩු දිවීමට උවමනා කරන දේශපාලන රැකවරණය දුන් ඉහළ පෙළේ දේශපාලන නායකයකු වන බවට ද උන්වහන්සේ චෝදනා කළහ. ඔහු අත්අඩංගුවට නොගැනීම මේ රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නයක් බවත් කියා සිටි ඥනසාර හිමියෝ ඔහු අත්අඩංගුවට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නැයි රජයට මතක් කර සිටින බවත් කීහ. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (14) එම අදහස් පළ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

Related posts

වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර

Admin

නැගනහිර පුරාවිද්‍යා සංහාරයේ පිටුපස ඇමති හිස්බුල්ලා – පුරාවිද්‍යා කාර්යාලයත් ඉවත් කරයි

colombotoday

පොලිසිය සමාව ඉල්ලයි…

colombotoday

‍රට වටේ ඇති ජනාධිපති මන්දිර මහජන සේවයට

Admin

සජබය පූර්ණ ප්‍රතිසංවිධානයකට සූදානම්

Admin

පුද්ගලික රෝහල් හෘද සැත්කමට 15%ක වැට් බද්දක්.. සැත්කම් ගාස්තු රු ලක්ෂයකින් ඉහළට !

colombotoday