Colombo Today Local News

රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රියර් අද්මිරාල් කපිල සමරවීර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්කර තිබේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙතින් අද (14)දින අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා දෙහිවල මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ඔහු 1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය.

නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1987 වසරේ අප්‍රේල් 07 වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාළාව 1987 දී පාකිස්තානයේදී හදාරා ඇත.

එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2016 අගෝස්තු මස 23 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් විණි.

Related posts

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday

ගාලු මුවදොර ඉන්න යාචකයින්ට අලුත් නවාතැනක්

Admin

ඉදිරියේදී සංචරණ සීමා පැනවීම සෞඛ්‍ය වර්තා අනුව

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin