Colombo Today Local News

රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද (20දින කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

2014 වසරේ අගෝස්තු මස පළවන දා සහ එම වසරේ නොවැම්බර් මස පළවන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගම වෙත අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් රජයට පාඩුවක් සිදුකළ යැයි චෝදනාකොට එවක ධීවර අමාත්‍ය ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා පහක් යටතේ අල්ලස් කොමිසම මෙම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබේ.

එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අය නම් කර ඇත.

Related posts

මනාප අංක ගැසට්ටුව නවතී..

colombotoday

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

colombotoday

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

Admin

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් අද සිට සේවයට

colombotoday

පොසොන් සතිය හෙටින් ඇරඹෙයි

Admin