Colombo Today Local News

රනිල් ශ්‍රීලනිප ඇමතිලා ලවා කොස්ඇට බාවනවා..

අර බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ අගමැති රනිල් රට විකිනීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නදහස් පක්ෂයේ ඇමතිවරුන් හරහා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද දින (30) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

අර බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ අගමැති රනිල් රට විකිනීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා නදහස් පක්ෂයේ ඇමතිවරුන් හරහා. ජාතිය සතු වටිනාම සම්පත, තවත් වසර දහයකින් සිංගප්පූරු වරාය පරදවා ආසියාවේ හොදම වරාය බවට පත්වීමට නියමිත මාගම්පුර වරාය වසර 99 කට චීනයට දුන්නා. කවුද වරාය භාර ඇමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද සමරසිංහ ඇමතිතුමන්.

මත්තල ගුවන්තොටුපල වසර වසර 35 කට ඉන්දියාවට ලබාදීමට දැන් සියළු සැලසුම් හදලා ඉවරයි. කවුද ගුවන් සේවා භාර අමාත්‍යවරයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපා ද සිල්වා ඇමතිතුමන්.

ඒ වගේම අර හිගණ බංගලිදේශයට මහඉළුක් පල්ලම බීජ පර්යේෂණ ආයතනය මම දන්න දීර්ඝතම බදු ගිවිසුම වන වසර 150 ක බදු ගිවිසුමක් හරහා බදු දීමට මේ වන විට සාකච්ඡා කරමින් යනවා. කවුද කෘෂීකර්මාන්ත ඇමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා.

ඒඅනුව එක්සත් ජාතික පක්ෂය ඉතාම සූක්ෂම අයුරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාවිතා කරමින් තමයි මේ රට විකිණීමේ ප්‍රථිපත්තිය ඉදිරියට ගෙනයන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ස්විස් තානාපති නිලධාරිණිය පැහැර ගැනීම අතේ රෝලක් ! CCTV දර්ශන නෑ… කිසිම පොලිසියක පැමිණිල්ලකුත් නැ…

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක්

colombotoday

දුම්රියක ගැටී තරුණියක් ජීවිතක්ෂයට

Admin

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනී…

colombotoday

මැකොස ඇතුළු ස්වාධීන කොමිෂන් සභා වල නව සාමාජිකත්වයට අයැදුම්පත් කැඳවයි

Admin

“මොහොමඩ් අලි සබි‍්‍ර පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරනු.” අන්තර්ජාල පෙත්සමකට අත්සන් තබයි.

colombotoday