Colombo Today Local News

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හදිසි අසනීප තත්වයක් ඇතිවී තිබේ.

ඔහු ඒ බව සඳහන් කරමින් අද දින කැඳවා තිබූ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි විමසන ජනාධිපති කොමිසමෙන් පිටව ගොස් තිබේ.

ඒ හේතුවෙන් ඔහු නැවතත් එළඹෙන 13දා කොමිසම හමුවට සාක්ෂි දීම සදහා කැඳවා ඇත.

අද දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ලද්දේ තමන් මුල සිටම එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දුන් බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ එම කොමිසම හමුවේ සඳහන් කළ පරිදි තමන්ට අග්‍රාමාත්‍යවරයා සහාය දුන්නේ මාස හයක් පමණක් යැයි පැවසූ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.

Related posts

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

“දයාසිරිත් එක්ක තවත්නම් බෑ“… මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වේ

colombotoday

බොදු බල සේනාව තහනම් කරන්න – නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් !

colombotoday

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් වලින් ඇත්ත හංගලා… පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකියි !

colombotoday