Colombo Today Local News

රනිල් අපිටත් ප්‍රශ්නයක්… ගම්වල මිනිස්සු අහන ප්‍රශ්නවලට අපට උත්තර නෑ – රන්ජන්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එ. ජා. ප මන්ත්‍රීවරුන් වන තමන්ට ද ප්‍රශ්න තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමඟ හිනා නොවන බවත් කතා නොකරන බවත් සුහද නැති බවත් රාමනායක මහතා ඊයේ(19) පැවැති මාධ්‍ය හමුවක දී පැවැසීය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා එ. ජා. ප මන්ත්‍රීවරුන් දුටු විගස සිනාසෙමින්, වැළඳ ගනිමින් ඉතා සුහදව කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ යනු ඉතා මිත්‍රශීලී චරිතයක් බවත් රාමනායක මහතා කීවේය.

වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළ ද ගමේ හිතවතකුගේ මංගල්‍ය උත්සවයකට පැමිණි විට තමා කිසිවිටෙකත් අහළකටවත් නොයන බවත් රාමනායක මහතා පැවැසීය.

එවැනි අවස්ථාවක ඉතා සමීපව ඇසුරු කරන අයකු වුව ද නොහඳුනන සේ අහක බලාගෙන යාම වික්‍රමසිංහ මහතාගේ පුරුද්ද බව පැවසූ රාමනායක මහතා එසේ වූ විට ගමේ මිනිස්සු නගන ප්‍රශ්නවලට උත්තර නොමැති බැවින් තමන් ඔහු ළඟට නොයන බවත් පැවැසීය.

Related posts

චන්ද්‍රිකාගේ සංහිදියා බලකායේ වාර්තාව රජයට.. විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නිර්දේශ කෙරේ

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

colombotoday

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

colombotoday

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

රාජ්‍ය අනුග්‍රහයෙන් අස්ගිරි මහානාහිමියන්ට මඩ ගැසූ භික්ෂුවට කළකම් පල දේ..!

colombotoday