Colombo Today Local News

රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් එක දිගට විභාගයට ගනී… මාධ්‍ය ආයතන හයකට නොතීසි…

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මස 10 වන දා සිට විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අදාළ පැමිණිල්ල අද (05) අග විනිසුරු ප්‍රියසාත් ඩෙප්, විජිත් මළල්ගොඩ සහ එල් .ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම තීරණය දැනුම්දී ඇත.

එම අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටි තිබේ.

මෙහිදී නීතිපතිවරයා විසින් පුද්ගලයින් 14 දෙනෙකුගෙන් සමන්විත සාක්ෂි ලැයිස්තුවක් සහ නඩුභාණ්ඩ අටක් අධිකරණය වෙත ඉදිරිපත් ක‍ර ඇත.

එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිල්ල දෙසැම්බර් මස 10, 11 සහ 12 වනදා යන දිනවල විභාගයට ගැනීමට නියෝග කර ඇති අතර එදින සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබූ රූපවාහිනී ආයතනවල නියෝජිතයින් හය දෙනෙකුටද අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතා සිත නිකුත් කර තිබේ.

වගඋත්තරකාර නියෝජ අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකරුගේ අපහාසාත්මක බව කියන ප්‍රකාශය මාධ්‍ය ආයතන ගණනාවක්ම නැවත නැවත වරින්වර ප්‍රචාරය කර ඇති බවත් එම ආයතන සම්බන්ධයෙන්ද අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කළ යුතු බව දන්වා ඇත.

එවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව පසුව සලකා බැලිය හැකි බවයි.

Related posts

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

colombotoday

“ආණ්ඩු කරන්න නෙවෙයි.. මහපාරේ ඇවිද ඇවිද ඉන්න සලස්වනවා“ ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

හරීන්- මනූෂ පක්ෂ සාමාජිකත්වයෙන් එලියට

colombotoday

ඇනවුම් කළ කෝටි 7ක කොත්තමල්ලි වෙනුවට යුක්‍රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා

colombotoday

දුම්කොළ මධ්‍යසාර නිසා දිනකට ලංකාවේ පුද්ගලයින් 110ක් මරු තුරුලට

colombotoday

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

colombotoday