Colombo Today Local News

රණවිරු දඩයම ආපසු හරවන්න ජනාධිපති කොමිසමක්

සන්නද්ධ හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරීන් සහ සෙසු රාජ්‍ය නිලධාරීන් ඉකුත් 2015 වසරේ ජනවාරි 15 වැනිදා සිට 2019 වසරේ නොවැම්බර් 16 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ කිසියම් දේශපාලනමය පළිගැනීම්වලට ලක්ව තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්‍ෂණ හා විමර්ශන සිදුකර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් ස්ථාපිත කර තිබේ.

මෙම කොමිසමේ සාමාජිකාවන් ලෙස විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ‍්‍රාමික පොලිස්පතිවරයකු වූ චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන් පත්කර ඇත.

අදාළ කාලසීමාව තුළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ ක‍්‍රියාත්මක වූ දූෂණ විරෝධී විශේෂ ඒකකයක් මගින් පළමුව විමර්ශන සිදු කළ යුත්තේ කවුරුන් පිළිබඳව ද යන්න තීරණය කර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ ඒකකය, පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීම සහ ඒ අනුව සිදුකෙරුණු විමර්ශනවලදී ජාතික ආරක්ෂාවට අහිතකර බලපෑම් එල්ල වූ බව ජනාධිපතිවරයාගේ අවධානයට ලක්වීම මෙම කොමිසම ස්ථාපිත කිරීමට හේතු වී ඇත.

එසේ සිදුකෙරුණු විමර්ශනවලදී සන්නද්ධ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් අගතියට පත්ව ඇතැයි සලකනු ලබන අවස්ථාවලදී ජාතික ආරක්ෂාවට හා රාජ්‍ය සේවයට වන අහිතකර බලපෑම් වැළැක්වීමට ක්‍ෂණික පියවර ගැනීම මෙම ජනාධිපති කොමිසම පත්කිරීමේ අරමුණ වී තිබේ.

 ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ දැනුම්දීම මත මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඉකුත් බදාදා (22 වැනිදා) රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.

Related posts

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

colombotoday

ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!

colombotoday

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

colombotoday

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

අල-ලූණු අද ගිනි ගණන්

Admin