Colombo Today Local NewsColombo Today Sports News

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

sl cricket

තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත් වී තිබේ. මෙහිදී සුමතිපාල මහතා ඡන්ද 88ක් ලබා ගනිමින් එම ධූරය සඳහා තේරී පත් වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ඡන්ද 55ක් ලබාගෙන තිබේ. තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුරද හොබවයි.

ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් යන මහත්වරුන් ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් ලෙස තේරී පත් විය.

ජයන්ත ධර්මදාස මහතාට ඡන්ද 102ක්, මනිවානන් මහතාට ඡන්ද 90ක් හිමිවෙද්දී ඊට තරඟ කල අර්ජුන රණතුංග මහතා ලබා ගත්තේ ඡුන්ද 80ක් පමණි.

 

Related posts

ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිවසත් අළු වෙයි

colombotoday

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

colombotoday

ජනපති මැදිහත් වී බස් වර්ජනය තාවකාලිකව නවත්වයි

colombotoday

දිවයිනට පැමිණි IMF කණ්ඩායමක් ජනපති හමුවෙයි

Admin

අලුත් ව්‍යවස්ථාවට මහජන උනන්දුව අන්තිමයිලු !

colombotoday

10 වැනිදා සිට එජාප තනි ආණ්ඩුවක්…

colombotoday