Colombo Today Local News

රට පුරා වරින් වර විදුලිය බිද වැටෙයි… නොදන්වාම කප්පාදුවක්…

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.

නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත වීමෙන් පසුව වරින් වර විදුලි කප්පාදුව සිදුකළත් පසුව එය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ යළිත් විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.


විදුලි බල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක 20 දා නිකුත් කළ නිවේදනය

“මේ දිනවල පවතින අධික වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිළි වර්ධනයක් සිදුවී තිබෙනවා. ඒ වගේම සැම වර්ෂයකම ජනවාරි- අප්‍රේල් මාස වලදී විදුලි ඉල්ලුම ඉහල යාමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා. නමුත් මේ තත්ත්වයන් මත විදුලි ක්පපාදුවකට යන්න අපි අදහස් කරලා නැහැ. නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ හදිසි බිදවැටීම හේතුවෙන් පසුගිය දෙදින තුළ දිවයිනේ යම් යම් ප්‍රදේශ වලින් විදුලිය බිදැටීම් වාර්තා වුණා.

නමුත් මේ වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කරලා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් අනුව සිදුකරනු ලබන විදුලි කප්පාදුවක් පිළිබදව මේ දිනවල විවිධ සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රවෘත්තීන් ජනතාව අතරට යමින් පවතිනවා. නමුත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ, එවැනි කිසිදු විදුලිය සිදලීමේ නිවේදනයක් අමාත්‍යාංශය මගින් නිකුත්කර නොමැති බවයි” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සංවර්ධන සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.

Related posts

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday

“රනිල් වනාහී නුතනත්වයේ දාසයෙකි.. ETCA අත්සන් කිරීමට යාමේ හේතුව එයයි” – මහාචාර්ය නලින් ද සිල්වා

colombotoday

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

අනාගත ආහාර අර්බුදයට මුහුණ දෙන්න කොස් ගස් කැපිමේ බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි.

colombotoday

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙක් කූඩුවට

colombotoday