Colombo Today Local News

රටේ ජාතික ගීය එකක් විය යුතුයි. නිදහස් දින උළෙලේදී ජාතික ගීය සිංහලෙන් පමණයි

හැත්තෑ දෙවැනි ජාතික නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර ඇත.

මෙවර නිදහස් දින උත්සවය පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී ඊයේ (23 දා) විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

ජාතික නිදහස් දින උත්සවය නිමිත්තෙන් පවත්වන පෙරහුරුවලදී මහජනතාවට අපහසුතා අවම වන පරිදි පුහුණුවීම් කටයුතු සිදුකරන ලෙස ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නිදහස් දිනයට සමගාමීව රටම ආවරණය වනසේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීමටද අමාත්‍යාංශය කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

ජාතික නිදහස් දින උත්සවයට පෙර නිදහස් මන්දිරයේ පිළිසකර කටයුතු කඩිනමින් සිදුකරන ලෙස එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් ඇමැතිවරයා දන්වා තිබේ. මෙම අවස්ථාවට ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ.

Related posts

අරලිය ගහ මැදුර ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කිරීමට අවසර නෑ

colombotoday

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

colombotoday

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

colombotoday

ජනපතිගේ නියෝගයක් මුදල් ඇමති කුණු කූඩයට දමයි !

colombotoday

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

colombotoday

වරායේ ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කිරීමට ඩො.මි. 50ක් නිදහස් කෙරේ

colombotoday