Colombo Today Local News

රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුම්වත් කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින්  හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

කොළඹ නගරයේ සහ තවත් ප්‍රදේශ ගණනාවක චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බවද පබා පළිහවඩන මහත්මිය කීවාය.

යම් අයුරකින් සැක සහිත රෝගීන් හමුවුණ හොත් ඔවුන් වෙන වෙනම නිරෝධානය කිරීමට පියවර ගන්නා බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළාය.

මීට අමතරව එම ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ට රෝගයෙන් වැළකීසිටීම සඳහා වන මනා සෞඛ්‍ය පුරුදු පිළිබඳව අවබෝධයක් ලබාදෙන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.

Related posts

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්

Admin

හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග තරුණයෙකු කොටු

colombotoday

කොළඹ උඩින් යන රක්ත, හරිත, නීල සහ දම් දුම්රිය

colombotoday

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday

FCIDය මෙහෙය වන්නේ අනුර කුමාරයි.. චම්පික නොකියා කියයි. සෝමවංශ සාක්ෂි සහිතවම කියයි

colombotoday

විදෙස්ගතව සිට පැමිණි මංකිපොක්ස් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනා ගනී

Admin