World

යෝෂිහිඩේ සුගා ජපානයේ නව අගමැති වෙයි

ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරාගෙන තිබේ.

මීට දින කිහිපයකට පෙර ඔහු ජපාන පාළක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනිණි.

සෞඛ්‍ය හේතු මත තමා අගමැතිධුරයෙන් ඉවත්වන බව ෂින්ශෝ අබේ අගෝස්තු මාසයේදී පැවසීය.

72 හැවිරිදි වියේ පසුවන සුගා, ඉල්ලා අස්වූ ජපාන අගමැති ෂින්සෝ අබේ ගේ සමීපතමයෙකි.

ඈත පිටිසර අකිටා කලාපයේ හැදුනු වැඩුණු ඔහු, ගොවියෙකුගේ පුතෙකි. පාසල් අධ්‍යාපනය නිමවා ඔහු රැකියාවක් සොයා ජපාන අගනගරය වන ටෝකියෝ වට පැමිණ තිබේ.

පසුව ඔහු විවිධාකාර රැකියා කරමින් දිවි ගෙවා තිබේ. වරක් ඔහු කාඩ් බෝඩ් වැඩපොළක රැකියාවක් කර තිබේ. අධ්‍යාපනයේ වටිනාකම හඳුනාගත් ඔහු, ටෝකියෝ නගරයට පැමිණීමෙන් පසු මුදල්ගෙවා ඉගෙනගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ට ඇතුළු වී තිබේ.

එසේම ප්‍රකට සුකිජී මාළු වෙළෙඳපොළේ ද රැකියාවක් කර ඇති අතර ඔහු ඒ ඔස්සේ සිය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ඉතිරි කරගත් බව ඔහු පවසා ඇත.

ඉන්පසු උපාධිය හිමිකරගත්, යොෂිහිඩේ සුගා ස්ථීර රැකියාවක් සොයාගත්ත ද එහි වැඩිකලක් රැඳී සිටීමට අපොහොසත් විය. ඔහුගේ තේරීම වූයේ දේශපාලනයයි.

ප්‍රථමයෙන් යොකෝහාමා නගර සභාවට තරඟ කළේය. නමුත් ඔහු කිසිවෙක් දැන සිටියේ නැත. දේශපාලන අත්දැකීම්ද මඳ විය.

නමුත් දිනයක දී නිවාස 300 බැගින් නිවාස 30,000ක් වෙත පයින්ම ගොස් තමා ගැන නගරවාසීන්ට තොරතුරු කීමට ඔහුට හැකිවිණි.

ඒ හේතුවෙන් ඔහු ගේ සපත්තු කූට්ටම් 6ක් ගෙවී ගිය බව පක්ෂ වාර්තා පෙන්වා දෙයි.

Related posts

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

colombotoday

කොරෝනා ආසාදනය වී පාකිස්තානයේ තබ්ලිගි ජමාත් ප්‍රධානීමරුට

colombotoday

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයි

colombotoday