Colombo Today Local News

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

යාපනය කච්චේරිය ඉදිරිපිට දී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදිවලින් පැමිණි කිහිපදෙනෙක් කඩුවකින් කපා තුවාල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙක් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (08)දින උදෑසන 8ට පමණ මෙය සිදුව තිබු අතර යාපනය පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් හා කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වු ස්ථානයේ සී.සී.ටීවි දර්ශන පරීක්ෂා කර සැකකරුවන් පැමිණි යතුරුපැදිවල අංක තහඩු හඳුනා ගනිමින් හා තුවාලකරුගේ ප්‍රකාශ මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් මල්ලාකම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීම්වල දී කෝවිල් පාර, නීර්වේලි ප්‍රදේශයේ නිවසක සඟවා තබන ලද යතුරුපැදි 3ක්, කඩු 2ක්, කෙටේරියක් හා ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට සමත් ව තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී තවත් සැකකරුවන් දෙදෙනෙකු කෝපායි ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 20, 24, 23, 26,28 හා 37 යන වයස්වල පසුවන චුන්නාකම්, ඉලවාලේ, මල්ලකාම් හා කෝපායිවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (09)දින යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

colombotoday

මෙරටට පැමිණ රැකියා අහිමි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

colombotoday

ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගෙන් පැමිණිල්ලක්

colombotoday

මින්පසු ත්‍රිපිටකය හිතූ හැටියට සංස්කරණ බෑ.. විද්වත් මණ්ඩල අනුමැතියෙන් පමණයි…

colombotoday

ආණ්ඩුව ඒකාධිපති ගමනක.. මේ හදන්නේ සියදිවි නසාගන්නයි – අගරදගුරු

colombotoday