Colombo Today Local News

යහපාලන රජය සමයේ ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ සිදු වූ අක්‍රමිකතා සොයා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්

ඉකුත් වසර පහේ දී ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ සිදු වූ අක්‍රමිකතා, ඵලදායී නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබේ.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත්, රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණදෙන අභියෝග ජයගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.

ඉදිරියේ දී එවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු නෛතික, මූල්‍ය සහ පරිපාලන පියවර පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමත්, මුල්‍ය පාඩුවලට වගකිව යුතු නිලධාරීන් සහ බාහිර පාර්ශ්වයන් හඳුනාගැනීමත් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීමත් මෙම කමිටුවට පැවරෙනු ඇත.

මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායකයි.වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද සෙසු සාමාජිකයෝ වෙති. මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයෙක් කමිටුවේ ලේකම් ධුරය දරනු ලබයි.

මෙම කමිටුව විසින් මාස තුනක කාලයක් තුළ ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

Related posts

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

colombotoday

ශ්‍රී පාදයේ හෝටලය තහනම්කලේ තාවකාලිකවයි.. අවසර ඉල්ලුවොත් දෙනවා – පරිසර අධිකාරිය කියයි

colombotoday

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

බදුර්දීන් වැනසූ විල්පත්තුවේ යුද හමුදාව රුක් රෝපණය කරයි

colombotoday