Colombo Today Local News

යතුරු පැදි සොරකම්කර කොටස් විකිණු සිව්දෙනෙකුට වැඩ වරදී

හොරණ පොලිස් වසමේ, පානදුර පාර ප්‍රදේශයේ දී පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදි සොරකම්කර කොටස් කර අලෙවි කරනු ලබන ස්ථානයක් වටලා තිබේ.

ඊයේ (17) දිනයේ දී මෙම වැටලීම සිදු කර යතුරු පැදි ඉංජින් කොටස් 9ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 ක් හා 27 යන වයස්වල පසුවන හොරණ හා පොල්ගස්ඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (18) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

දුමින්ද දිසානායක අලුත් ආණ්ඩුවට එකතු වෙයි… නව අමාත්‍ය ධුරයක දිවුරුම් දෙයි…

colombotoday

ජාතික රූපවාහනියේ සභාපති හදිසියේ ඉල්ලා අස්වෙයි…

colombotoday

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

මිල අඩු වූ පරිප්පු සහ සීනි මිල ගණන් මෙන්න

Admin

පොලීසියට නව ත්‍රීරෝද රථ 2,000ක්

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin