ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්රණය කිරීම පිළිබදව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ප්රකාශයක් ලබා දීමට සූදානම් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
අද ලංකා දීප පුවත්පත් සමග පොලිස්පතිවරයා මේ බව සදහන් කර ඇත.
අදාල සිදුවීම පිළිබදව තමන් සතුවද තොරතුරු රැසක් තිබෙන බවත්, පරීක්ෂණ සඳහා එ්වාද ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.