Colombo Today Local News

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට සූදානම්ව සිටියත් ඔහු කිසිම කුහකකමත් නොමැතිව අපේක්ෂකත්වය පොදු අපේක්ෂකයෙකුට ලබා දුන් බව අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර, දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ලබාගෙන ඔහු ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බවත්, එය මෑත කාලයේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ලැබූ ඉහළම ජයග්‍රහණය බවත් හෙතෙම කියා සිටී.

මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය අමතමිනි.

Related posts

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

ශ්‍රී ලාංකිකයින් 5800කට කොරියාවේ රැකියා

colombotoday

කොරෝනා සුව වී ගෙදර ආ අක්කා දින තුනක් අගුවේ

colombotoday

කපා කොටා ඝාතනය කළ කතකගේ මළ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin