Colombo Today Local News

මෛත්‍රීත් මහමැතිවරණයට… පොහොට්ටුව සමග සන්ධානගතවීම ගැන මත ගැටුමක් !

එළඹෙන මහ මැතිවරණය සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු අතර මතවාදී ගැටුමක් හටගෙන ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක් අයකු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය සමඟ සන්ධාන ගතවනවා නම් අලුත් සන්ධානයකින් හා අලුත් ලාංඡනයකින් තරග කළ යුතු බවය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරණයේදී ගිවිසුමකට පැමිණි නිසාත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණයට ඉදිරිපත් වන නිසාත් වෙනත් සන්ධානයකින් තරග කළ යුතු බව ඔහුගේ වැඩිදුරටත් මතය වී ඇත.

එහෙත් අනෙක් ජ්‍යෙෂ්ඨයාගේ මතය වී ඇත්තේ එළඹෙන මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බවය. එසේ තරග කිරීමෙන් පමණක් ජයග්‍රහණය කළ හැකි බව ඔහුගේ මතය වී ඇත.

කෙසේ වෙතත් මේ මතය පක්ෂ අභ්‍යන්තරයටද ගොස් ඇති නිසා ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීන්දුවක් ලබා ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග පවසයි.

ada.lk

Related posts

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දමයි.

colombotoday

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday

ඉන්දියාව සමඟ තෙල් නල එලන්න සාකච්ඡා කරනවා විතරයි

Admin

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin

නැති ලෙඩක් පෙන්වා අර්ජුන් ඇලෝෂියස්ට රෝහල් සැප දීමේ සැලසුමක්..

colombotoday