Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙකු අලුතින් හඳුනගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

රෝගීන් 222 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 105 ක්. තවත් පුද්ගලයන් 173 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ පසුවනවා.

මේ අතර පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිත පුද්ගලයා සමඟ කොස් ගෙඩියක් රැගෙන යතුරු පැදියකින් ගමන් කළ බව කියන 15 හැවිරිදි අයෙකු හා ඔහුගේ මව පරීක්‍ෂණ කටයුතු සඳහා හෝමාගම රෝහල වෙත යොමු කෙරුණා. ඔවුන් නිවස තුළ නිරෝධායනයට ලක් කෙරුණු අතර මවට සැක කටයුතු රෝග ලක්‍ෂණ පහළ වීමත් සමඟයි මෙසේ රෝහල් ගත කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළේ.

Related posts

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin

ඇමති විජේදාසගෙන් දැඩි වාග් ප්‍රහාරයක්.. බොරු චෝදනා කරන්න ආ UN ලොක්කා නැගිට යයි

colombotoday

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

ධම්මිකගේ කොවිඩ් පැණිය ට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය

colombotoday

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday