Colombo Today Local News

මෙදා මහේ වී අලෙවියට නෙට් එකෙන් සෙට් වෙන්නැයි රජය ගොවි මහතුන්ට කියයි !

මෙවර මහ කන්නයේ සිට අස්වනු වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට අපෙක්ෂා කරන ගොවි මහතුන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේ නව වැඩසටහනක් වී අලෙවි මණ්ඩලය විසින් අරඹා ඇත.

මින් ඉදිරියට වී අලෙවි මණ්ඩලයට අස්වනු අලෙවි කරන ගොවි මහතුන් තම වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතු බව අනිවාර්ය කෙරෙන නිවේදනයක් ප්‍රා‍දේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සංවිධාන වෙත යවා ඇති අතර එම ලියාපදිංචිය සදහා වන අයදුම්පත ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. [ලියාපදිංචි වීමේ අයදුම්පත]

Goveent_02_600px_15_11_29_මේ හේතුව නිසා වී ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වන බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි. එහි මාධ්‍ය ලේකම් ශිෂී එදිරිසූරිය ප්‍රකාශ කළේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කලින් රජය ගොවි සංවිධාන සමග සාකච්ඡා කළයුතුව තිබූ බවයි. ගොවි සංවිධාන සමග එක්ව ඉතා විධිමත්ව කරනවානම් මෙම වැඩපිළිවෙලේ වරදක් නැති බවද ඔහු පැවසීය.

මෙසේ අන්තර්ජාලය මගින් ගොවීන් ලියාපදිංචි වීම නිසා අතරමැදියන් පැමිණ වී අලෙවි මණ්ඩලයට අස්වනු විකිණීම නතර වන බැවින් එහි වාසිය අත් වන්නේ ගොවීන්ට ම බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. කෙසේ නමුත් අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම පිළිබඳව විමසු විට අලෙවි මණ්ඩලයේ සභාපති එම් බී දිසානායක මහතා කියා සිටියේ ඉදිරියේ දී එය සිංහල භාෂාවෙන් සැකසීමට කටයුතු යොදන බවයි.

‘මෙහෙම කෙරුනහම තියෙන වාසිය තමයි මේවා ගොවිජන සේවා එකෙනුත් ලැයිස්තු අරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත් දත්ත ලබාගෙන මේ සියල්ල සංසන්දනය කරලා නිවැරදි ගොවින්ගේ එකතුවක් හදන්න පුළුවන්. එතකොට රටම දන්නවා නිවැරදි ගොවින් කවුද කියලා. අසරණ ගොවියන් නිලධාරීන්ට යටත් වෙලා. සල්ලි දුන්නොත් විතරයි අයදුම් පත්‍ර දෙන්නේ. මේ හැම කාරනාවකදිම මේක වාසියක් වෙනවා’ යැයිද සභාපතිවරයා පැවසීය

Related posts

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday

ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයෝ ඉල්ලති

Admin

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin

බුලත් විටක් රු.130 දක්වා ඉහළට

Admin

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin