Colombo Today Local News

මුස්ලිම් විවාහ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය !

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය  හිමිව ඇත. 

තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සහ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිව ඇත. 

බාලවයස්කාර දැරියන් විවාහ කරදෙන, කාන්තාවන්ට කිසිදු ස්වාධීනත්වයක් හිමි නොවන මුස්ලිම් විවාහ සහ දික්කසාද නීති වහාම සංශෝධනය කළ යුතු බවට බරපතළ සංවාදයක් පසුගිය යුගයේ රට තුළ ඇතිව තිබුණු අතර මුස්ලිම් කාන්තා සංවිධාන ද මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෙරට පැමිණ තිබිණි. 

ඒ අනුව විවාහ වයස, විවාහ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විවාහය සඳහා කාන්තාවකගේ කැමැත්ත ලබාගැනීම ඇතුළු සංශෝධන එක්කරමින් පනත් කෙටුම්පත් සම්පාදනය කිරිම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 

Related posts

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක ඉවත් කළ ඇඳිරි නීතිය යළි දහවල් 2 ට

colombotoday

වජිර එජාප නායකත්වයට යන මග සකසමින්

colombotoday

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

colombotoday

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

colombotoday

“අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ.” ඇමති රවී කරුණානායක

colombotoday

ෆෙඩරල් හැර වෙන විසදුමක් නෑ – විග්නේෂ්වරන්

colombotoday