Uncategorized

මුස්ලිම් පිරිසක් එක්වී තව්හිද් ජමාත් පල්ලියක් කුඩුපට්ටම් කරයි !

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ  පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක්  කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා  ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද  (29)  දින ක්‍රියා කළහ.

එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කළ බව ය.

ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්ත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවයක් නොවන නිසා තම පල්ලියේ කාරක සභාව එක්ව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද  හෙතෙම සඳහන් කළේය.

පසුව මෙම මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද අරාබි අකුරු වලින් ලියවී තිබු පළකයද කඩා දමා ඇති ආකාරය  දැක ගැනීමට හැකියාව ලැබිණි.

මෙම පල්ලිය ඉදිකිරීම සඳහා විදේශීය රටවලින් මුදල් ලැබී තිබෙන බවත් අරාබි අක්ෂර වලින් මුදල් වියදම් කළ අයගේ නාම ලේඛනය ඵලකය සටහන් කොට තිබෙන බවද ඔවුන් ඒ අක්ෂර නොදන්නා බව සඳහන් කළේය.

එම ස්ථානයට පැමිණි මඩාටුගම ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ්  අමීන් මහතා කියා සිටියේ  මේ කඩා දමන පල්ලියට නමක් නොතිබූ බවත් මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බවද තවුහිද් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බව සඳහන් කළේය. දැන් ඉවත්කොට වෙනත් පල්ලියක් නොව ප්‍රධාන පල්ලියට පැමිණ ඕනෑම අයකුට  වැදීමට හැකි බව ඔහු සඳහන් කළේය.

මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ  කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට මෙම තත්ත්වය නිසා  සමාජයේ දැඩි හානි දායක තත්ත්වයකට පත්ව තිබෙන බවය.

ඒ  නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ  එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තමන්  හා ජනතාව තීරණය කළ බවද ඔවුහු පැවසුහ.

දඹුල්ල – කාංචන කුමාර / අද

Related posts

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

colombotoday

පාස්කු ප්‍රහාරය නිසා 2289ක් අත්අඩංගුවට… 1655ක් ඇප මත නිදහස් !!

colombotoday

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

පොලිස් පරිසර ඒකකය නැවත බලගැන්වෙයි… රටපුරා පවිත්‍රතා වැඩසටහන් උදෑසන 5.30 ආරම්භ කරන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

අලුත් පක්ෂය බිමේ බලය අල්ලයි.. ශාක සමිති 3600ක බලය බැසිල් අතට

colombotoday

මත භේධයට තුඩුදුන් යහපාලන රජයේ ජාත්‍යන්තර එකගතා, ගිවිසුම් නැවත සමාලෝචනයට රජය සූදානම් !

colombotoday