Colombo Today Local NewsCovid 19

මුස්ලිම් කාන්තාවට ෂරියා නීතිය යටතේ දඬුවම් කිරීමෙන් ප්‍රසිද්ධ වූ අටුළුගම ගම්මානය කොරෝනා නිසා අගුළු දමයි

නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය අද (2)  පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.

මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිසා මෙම පියවර ගෙන තිබේ.
 
ඒ අනුව  අටළුගම නිවාස  26 ට අයත්   පුද්ගලයන්  200 දෙනකු පමණ  සම්පුර්ණයෙන්ම  ස්වයං නිරෝධායනයකට  ලක්කර සිටින අතර  කිසිවකුට  ගමෙන් පිටවීමට හෝ   ගමට ඇතුලූ වීමට හෝ  අවසර නොදෙන බව  ආරක්ෂක අංශ කියයි.

පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදාවා ඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් පොලිසිය පැවසීය.

Related posts

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday

රට පාලනය කරගන්න බැරිව ඇන ගත්තට මම පළිද? – හිටපු ජනපති මහින්ද අසයි

colombotoday

ඩෙංගු නැවතත් හිස ඔසවයි.. මේ වසරේ මරණ 35 ක්.

colombotoday

සෞඛ්‍ය නීතී කැඩු බස්නාහිර ආයතන 473 කට නඩු

colombotoday

පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්න, මම වාර්තාව පවා වෙනස් කරන්නම්.. හිටපු පොලිස්පතිට මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිව්වා, පාස්කු කොමිසමේදී හෙළිකරයි

colombotoday