Colombo Today Local News

මුලතිව් කේපාපිලව් කැලෑවේ පිපිරිමක්

මුලතිව් කේපාපිලහි කැලෑබද ප්‍රදේශයක ඊයේ (04) රාත්‍රියේ කිසියම් විශාල පිපිරීමක් සිදුව ඇති බවටත් අදාළ  පිපිරීම පීඩන බෝම්බයක් පුපුරා යාමක් බවට සැක පල කරන අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.

කේපාපිලව්හි පිහිටි කැලෑබද ප්‍රදේශයක ඊයේ රාත්‍රියේ ගින්නක් හට ගෙන ඇති අතර අදාළ  ගින්න ඇතිවූ ප්‍රදේශයේ කිසිවෙකුත් පදිංචියක් නොමැති භූමියක් හෙයින් එහි කැලෑවේ වළදමා තිබූ පීඩන බෝම්බයක් ගින්න හේතුවෙන් පුපුරා ගොස් ඇති බවටත් ඉන් කිසිවෙකුත් කලබල නොවිය යුතු බවටද මුල්ලියාවලෙයි පොලීසිය සැකපල කරයි.

යුද සමයේදී කොටි සංවිධානය විසින් ආරක්ෂක අංශ යුධ ටැංකි විනාශකිරීම සඳහා වළ දමන ලද මෙම පීඩන බෝම්බ පදිංචි නොවූ ප්‍රදේශවල තවමත් ඇති හෙයින් අනාරක්ෂිත ප්‍රදේශයන්හි ගැවසීමෙන් ප්‍රවේසම් වන ලෙසටද ප්‍රදේශවාසී ජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටියි.

Related posts

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් ගත් කන්තලේ සීනි කම්හල් ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

යාපනය – මනල්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවයි !

colombotoday

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

colombotoday

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin