Colombo Today Local News

මුලතිව් කැලෑවකින් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමුවෙයි.

මුලතිව් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී වලදමා තිබියදී සොයාගත් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය අද (16) දිනයේදී අධිකරණ නියෝගයකට අනුව විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මුලතිව් පොලිස් විශේෂකාරය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පුදුමාතලන් කැලෑබද ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි කිරීමකදී අදාල බෝම්බ ඇතුළු යුද උපකරණ තොගය හමු වී ඇත.

එහිදී හමු වූ යුද උපකරණ අතර ජීව අත්බෝම්බ දෙකක්, ආර්.පී.ජී. උණ්ඩ දෙකක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 05 ක් මිලිමීටර් 80 මෝටාර් උණ්ඩ දෙකක් සොයාගත් දෑ අතර වෙයි.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන්නට ඇති බවට මුලතිව් පොලිස් විශේෂ කාරය බලකාය සැක පල කර සිටින අතර මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව මෙම බෝම්බ තොගය නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

මුලතිව් පුදුමාතලන් කැලෑ බඳ ප්‍රදේශයක සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සොයාගෙන තිබේ.

නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්යය බලකා මුලතිව් කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමක දී අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

එහිදී ජීව අත් බෝම්බ 02ක් , ආර් පි ජි උණ්ඩ 02 , මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 05ක් , මිලිමීටර් 81 මෝටාර් උණ්ඩ 02ක් සොයා ගෙන ඇති බව සඳහන් වෙයි.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් සඟවා තිබු ඒවා බවට සැකකරන බව විශේෂ කාර්යය බලකාය පවසයි

Related posts

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

සරසවි සිසුන්ට කදුළුගෑස්, අධිපීඩන ජල ප්‍රහාරයක්…

colombotoday

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකී

Admin

කන්කසන්තුරය වරායේ නව මගී පර්යන්තය විවෘත කරමින් එම්.වී එම්ප්‍රරස් සේන්දු වෙයි

Admin