Colombo Today Local News

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට


හෙට සවස දිවුරුම් දීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යංශය හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාට සහ සඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය හිටපු සඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාටම හිමිවන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය දුරයෙන් රනිල් වික්‍රමසිංහ නෙරපා දමනවිට මුදල් ඇමති ලෙස කටයුතු කලේ මංගල සමරවීර මහතායි. කෙසේ වෙතත් මුදල් ඇමති ලෙස මංගල සමරවීර අසාර්ථක වීම හේතුවෙන් යලිත් එම තනතුර එජාප උපනායක රවී කරුණානායක මහතාට ලබාදීමට තීරණය කර ඇති බව එම වාර්තා සඳහන් කර සිටිනවා.

යහපාලන රජය බලයට පත්වීමත් සමග මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල රවී කරුණානායක මහතා බැඳුම්කර වංචාව පිලිබඳ එල්ලවූ චෝදනා හේතුවෙන් පසුව එල්ලා අස්විය.

Related posts

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

මරණින් කෙළවර වු පිය පුතු ගැටුම

colombotoday

මාදම්පේ පනිරෙන්ඩාව වන රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

Admin

පාර්ලිමේන්තුවේ සම්මතකළ අලුත් පණතෙන් මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්ටත් වන්දි…

colombotoday

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin