Colombo Today Local News

මියගිය පුද්ගලයෙකුගේ භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරන බවයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ.

පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

පළාත් සභා ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් අතර පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙම අදහස් පළ කළා.

Related posts

චැනල් ෆෝ නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වීඩියෝව ඉවත් කර නැහැ

Admin

බිල නොගෙවූ 40,000කගේ ජල සබඳතා විසන්ධි කෙරේ.. – මණ්ඩලයට මිලියන 1600ක් පාඩුයි

Admin

ශ්‍රී ලාංකික ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදියෙකු නවසිලන්ත පොලීසිය වෙඩිතබා මරා දමයි

colombotoday

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර යුද අධිකරණය සැරසේ

colombotoday

මට විරුද්ධව යන්න දොස්තරල කවුද.. ඔවුන් ලවා මගෙන් සමාව ඉල්ලවාගන්න මට පුළුවන්

colombotoday

16 හැවිරිදි ළමයා ධාවනය කළ ජීප් රථය මාරක අනතුරක. වාහන 5ක් එකිනෙක ගැටෙයි

colombotoday