
පාරිභෝගිකයෙකු විසින් මිලදීගත් මැලිබන් බිස්කට් පැකට්ටුවක් තුල ගෝස් කැබැල්ලක් තිබී හමුවී තිබෙනවා. ඒ පිළිබඳව තමාට පැමිණිල්ලක් ලැබුණු බවයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා Facebook සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.
අප සිදුකල විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට සහ පාරිභෝගික අධිකාරියට මේ මේ පිළිබඳව හෙට දිනයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
