Colombo Today Local News

මැතිවරණ නිලධාරීන් තෑගි දෙන්න ආ හිටපු ජනපති හරවා යවයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ උත්සවයක් මැතිවරණ කොමිසම් විසින් අද පෙරවරුවේ නතර කර තිබේ.

පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී මෙසේ පැවැත්වීමට සූදානම් කර තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 2019 වසර සදහා විශ්වවිද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් ඇගයීම් උත්සවයකි.

මෛත්‍රීපාල සිරිසේන මහතාද එම උත්සවයට සහභාගී වී සිටි අතර මැතිවරණ කොමිසමේ නියෝග පිළිගන්නා බව සඳහන් කරමින් ඉන් ඉවත්ව ගොස් ඇත.

හිටපු ජනාධිපතිවරයා ඉන් ඉවත් වන තෙක් මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහි රැඳී සිටියේය.

ඔහු ඉවත් වූ පසු උත්සවයේ වැඩ කටයුතු ඉදිරියට ද පැවැත්විණි.

Related posts

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

Admin

ක්ලබ් වසන්ත රට වටේටමණය වෙලා ඉඳලා තියෙන්නේ අප්පා

Admin

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

colombotoday

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

Admin

එළඹෙන උත්සව සමයේ රට වැසීම ගැන අමාත්‍ය රමේෂ් පතිරණගෙන් ප්‍රකාශයක්

colombotoday