Colombo Today Local News

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන් වේ.

එම කොමිෂන් සභාව ස්ථාපිත කෙරුණේ, 2015 වසරේ නොවැම්බර් මස 13 වනදායි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වු අතර , මහින්ද දේශප්‍රිය මහතා එහි සභාපති ලෙස කටයුතු කළේ ය.

මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නිතිඥ නලීන් අබේසේකර එහි සෙසු සාමාජිකයින් ය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව , නව කොමිෂන් සභාව සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

එහෙත් මේ දක්වා එම සාමාජිකයින් පත්කර නොමැත.

ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලබන සාමාජිකයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවේ නිරික්ෂණ ලැබීමෙන් පසු , කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත්වනු ඇති.

Related posts

ගංජා පැල 8,800ක් වටලා තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin

ගබඩා දෙකක වී තොග ලක්ෂ 700ක් අස්ථානගත වීමට නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Admin

අලුත්වැඩියා ප්‍රමාදයෙන් රජයේ රෝහල්වල විකිරණ පරීක්ෂණවලට දැඩි බාධා

Admin

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවවේ

colombotoday

එට්කා ගැන විජිතගෙන් ප්‍රකාශයක්

Admin